Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      TQM ඔබේ Business එකට වැදගත් වෙන්නේ කොහොමද?

      March 10, 2026

      TQM ඔබේ Business එකට වැදගත් වෙන්නේ කොහොමද?

      513467335_1040527341480522_7917377116411951961_n 1.jpg

      Total Quality Management (TQM) යනු අඛණ්ඩ දියුණුව, පාරිභෝගික විශ්වාසය සහ සියලුම කණ්ඩායම් සාමාජිකයින්ගේ සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාර කළමනාකරණ ක්‍රමවේදයකි. TQM මගින් ගුණාත්මකභාවය එක් කොටසකට පමණක් සීමා නොකර සියලු දෙනාගේ වගකීමක් බවට පත් කරන සංස්කෘතියක් ගොඩනඟයි.

      TQM හි මූලික ප්‍රතිපත්ති 8ක් පවති. එනම්,

      1. පාරිභෝගික කේන්ද්‍රීය බව - සියල්ල ආරම්භ වන්නේ පාරිභෝගික අවශ්‍යතා තේරුම් ගැනීමත් ඒවා සම්පූර්ණ කිරීමට කටයුතු කිරීමත් මඟිනි.

      2. සම්පූර්ණ සේවක සහභාගීත්වය - ගුණාත්මකභාවය පවත්වා ගැනීම යනු ආයතනයක සිටින සියලුම දෙනාගේ වගකීමකි. එබැවින් ඒ සඳහා සියලු දෙනාගේ සහභාගීත්වය ලබා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.

      3. ක්‍රියාවලි මත පදනම් වීම - ශක්තිමත් ක්‍රියාවලි පවත්වා ගැනීම, ස්ථාවර සහ උසස් ගුණාත්මක ප්‍රතිඵල ලබාදීමට හේතු වේ.

      4. එකිනෙකට සම්බන්ධ වූ පද්ධතියක් තිබීම - මෙමගින් සියලුම අංශ පොදු ඉලක්ක සහ අරමුණු ළඟා කරගැනීම වෙනුවෙන් එක්ව වැඩ කිරීම තහවුරු කරයි.

      5. යෝජනා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම - මෙහිදී ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා යෝජනා සහ නව අදහස් ක්‍රමානුකූලව හා උපායශීලීව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

      6. නිරන්තර වැඩිදියුණුව - ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තර ඇගයීම්, වැඩිදියුණු කිරීමට උත්සාහ කිරීම හා නව අදහස් ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු සිදුකිරීම අවශ්‍ය වේ.

      7. දත්ත මත පදනම් වූ තීරණ - අනුමාන කිරිම මගින් නොව නිවැරදි සහ සත්‍ය තොරතුරු භාවිතා කරමින් තීරණ ගැනීම ගුණාත්මකභාවය පවත්වා ගැනීමටත් එය වැඩිදියුණු කිරීමටත් හේතු වේ.

      8. ඵලදායී සන්නිවේදනය - පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගැනීම, කණ්ඩායම් සම්බන්ධතා ශක්තිමත් කිරීමටත් ව්‍යාපාර අරමුණු හා වර්තමාන තත්ත්වය හොඳින් අවබෝධ කර ගැනීමටත් හේතු වේ.‍

      TQM ඔබේ ව්‍යාපාරයට යොදා ගන්නේ කෙසේද?

      • පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර නිවැරදිව කළමනාකරණය කිරීම

      • සේවකයින්ට අවශ්‍ය පුහුණුව හා බලය ලබා දීම.

      • ක්‍රියාවලි සරල හා කාර්යක්ෂම කිරීම.

      • දත්ත විශ්ලේෂණය කිරීම මගින් වර්ධනය මැනීම.

      • කණ්ඩායම් සන්නිවේදනය හා සහයෝගීතාවය ඉහළ නංවා ගැනීමට කටයුතු කිරීම.

      ව්‍යාපාර ලෝකය ඉතා තරඟකාරී වන මෙම කාලයේ, ගුණාත්මකභාවය යනු අත්‍යවශ්‍ය සාධකයකි. TQM යනු කෙටිකාලීන විසඳුමක් නොව, ඔබේ ව්‍යාපාරයට ස්ථාවර වර්ධනය සහ අඛණ්ඩ සාර්ථකත්වය ගෙන ඒමට හැකි ක්‍රමයක් වේ.

      එබැවින්, අදම TQM අධ්‍යයනය කර, එය ඔබේ ව්‍යාපාරයට එකතු කරගන්න!

      Business Success Tips by TALENTSPARK CONSULTING

      Stay informed, Stay tuned!

      #TQM #TotalQualityManagement #CustomerFocus #TeamSuccess #TalentsparkConsulting #SriLankaBusiness #Entrepreneur #BusinessGrowth #BusinessTips #BusinessSuccess #BusinessConsultant #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0