Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔයාගේ PVT LTD business එකට bank account එකක්

      January 12, 2026

      ඔයාගේ PVT LTD business එකට bank account එකක්

      481658156_961316492734941_8082248489380308008_n 1.jpg

      ඔයාගේ PVT LTD Business එකට ගැලපෙන Account එක මොකක්ද කියලා කොහොමද තීරණය කරන්නේ?

      මේකෙදී ප්‍රධාන Accounts වර්ග 3ක් තියෙනවා.

      1. Business Current Account - ව්‍යාපාර ජංගම ගිණුම

      ඔයා දිනපතා ඔයාගේ ව්‍යාපාරයේ ගනුදෙනු කරනවා නම්, නැත්නම් චෙක්පත් මගින් ගනුදෙනු කරනවා නම්, මේ Account එක ඔයාට ගැලපෙනවා. ඒ වගේම ඕනම ප්‍රමාණයක් සල්ලි ගන්න, ඕනම ප්‍රමාණයක් හුවමාරු කරන්නත් මේ Account එකෙන් පුළුවන්.

      2. Business Savings Account - ව්‍යාපාර ඉතිරි කිරීමේ ගිණුම

      ඔයාට ඔයාගේ ව්‍යාපාරයේ සල්ලි ඉතිරි කරන්න ඕන නම් මේ Savings Account එක තමයි ගැලපෙන්නේ. නමුත් මේ Account එකෙන් ඔයාට චෙක්පත් වලින් ගනුදෙනු කරන්න බෑ.

      3. Business Foreign Currency Account - ව්‍යාපාර විදේශීය මුදල් ගනුදෙනු ගිණුම

      ඔයාගේ ව්‍යාපාරය විදේශීය ගනුදෙනු හා සම්බන්ධ නම් මේ Account එක Open කරන්න පුළුවන්.

      ලියාපදිංචි සීමාසහිත පෞද්ගලික සමාගම් (Private Limited) ව්‍යාපාරයකට Bank Account එකක් විවෘත කිරීමට අවශ්‍ය ලියකියවිලි?

      • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය

      • Form 01

      • Articles of Association

      • Form 01 හි පරිදි අධ්‍යක්ෂකවරුන්ගේ ජාතික හැඳුනුම්පත්

      • අදාල බැංකුවේ Account Opening අයදුම්පත්. මේ අයදුම්පත් ඔයාට Bank එකට අදාල Website එකෙන් Online ලබාගත හැක.

      • TIN එක

      • Account Opening, Online Banking, Debit Card Facility වලට අවශ්‍ය Board Resolutions

      ඒ කියන්නේ Bank Account එකක් Open කරන්න හා ඒ හා සම්බන්ධ වෙනත් Facilities ලබාගැනීමට අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපියක්. මේ Resolutions, ඔයාට ඔයා Business එක ලියාපදිංචි කල Company Secretary හරහා නොමිලේ ලබා ගත හැක.

      කොහොමද ඔයාට ගැලපෙන හරිම බැංකුව තෝරාගන්නේ?

      1. පාරිභෝගික සේවය

      උදා: ඔබේ ව්‍යාපාරයේ බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සිදුකිරීමට Customer Support Service එකක් තිබේද යන වග, Dedicated Account Manager කෙනෙක් සිටීද යන වග

      ඔබ දැනටමත් ඔබේ පෞද්ගලික බැංකුව ලෙස බොහෝ කල් එකම බැංකුවක් සමග කටයුතු කලේ නම් හා ඔබ එම බැංකුවේ සේවාව පිළිබද සතුටුදායක නම් එම බැංකුවම ඔබේ ව්‍යාපාරයටත් තෝරාගැනීම වඩා උචිතය.

      1. ගාස්තු සහ කොමිස්

      බැංකු ගිණුම පවත්වාගෙන යන විට බැංකුව අයකරන ගාස්තු සහ කොමිස්

      උදා:

      • ගිණුමක් ආරම්භ කිරීමේ ගාස්තුව

      • මාසික නඩත්තු ගාස්තුව

      • මුදල් බැර කිරීමේ ගාස්තු

      • විදේශ ගනුදෙනු ගාස්තු

      1. අනිකුත් පහසුකම්

      බැංකු කටයුතු වඩා කාර්යක්ෂමව කරගැනීමට මේ පිළිබදව ද අවදානය යොමු කරන්න.

      • Online Banking හරහා ගනුදෙනු

      • Mobile Bank App සේවාව

      • 24/7 සේවා

      • EPF/ETF, Tax ගෙවීම් බැංකුවේ App එකෙන් කල හැකිද යන්න

      • Online Bank Statements ලබාගත හැකිද යන්න

      • පසුකාලීනව ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය නම් Payment Gateway එකක් බැංකුවෙන් සාධාරණ Rate එකකට ලබාගත හැකිද යන්න, මෙමගින් Third Party Providers ලට වඩා බැංකුව කෙරෙහි ඇති විශ්වාසයෙන් පාරිභොගිකයන් කාඩ්පත් වලින් වුවද ගෙවීම් කිරීමට කැමැත්තක් දක්වයි.

      1. ණය පහසුකම්

      ව්‍යාපාරයක් දියුණු වීමට ණය සහ අරමුදල් හොයා ගැනීම ඉතා වැදගත්ය. ඉතින් මේවා කෙරෙහිද අවධානය යොමු කල යුතු වේ.

      • ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය ණය ලබාදේද?

      • Overdraft Facility - ව්‍යාපාරය පවත්වා ගැනීමට කෙටි කාලීන ණය පහසුකම් ලබාදේද?

      • පොලී අනුපාත අඩුද?

      • අඩුම වශයෙන් ඔබට Credit Card එකක්වත් ලබා ගැනීමට හැකිද?

      1. දේශීය සහ ජාත්‍යන්තර ගනුදෙනු

      විදේශ ගනුදෙනු කරන ව්‍යාපාරයක් නම්, ඒ හා සම්බන්ධ පහසුකම් සපයන්නේද?

      උදා: ඔබට Foreign Payment එකක් එන්නේ නම් එය ඔබේ ගිණුමට බැර කිරීමට කොපමණ කාලයක් ගත වේවිද?

      1. ශාඛා සහ ATM ජාල

      ඔබේ ව්‍යාපාර ස්ථානයට ආසන්නව ශාඛා සහ ATM පහසුකම් තිබේද?

      ඉතින් මේ ඉහත කරුණු ගැන අවධානයෙන් ඔයාගේ Business එකට ගැලපෙන බැංකුව සහ Account Type එක තෝරාගන්න.

      Cheers!

      #BusinessBanking #SriLankaBusiness #PvtLtd #BankAccount #Entrepreneur #BusinessGrowth #StartupSL #SMESriLanka #BankingSolutions #FinanceTips #BusinessOwners #CorporateBanking #OnlineBanking #BusinessTips #EntrepreneurLife #businessregistration #TailorMadeSolutions #businesssrilanka #talentsparkconsulting

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0