
ඔයා ව්‍යාපාරිකයෙක් නම්, මේ වෙනස ගැන අනිවාර්යයෙන්ම දැන ගන්න ඕන. මෙතෙක් කල් තිබුණ SVAT (Simplified VAT) ක්‍රමය අහෝසි කරලා ඒ වෙනුවට "අවදානම මත පදනම් වූ වැට් ආපසු ගෙවීමේ ක්‍රමය" (Risk-Based Refund - RBRS) හඳුන්වලා දීලා තියෙනවා.
මේක 2025 ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙනවා. මේ නව සංශෝධනයත් එක්ක ඔයාගෙ ව්‍යාපාරයේ මුදල් ප්‍රවාහය (Cash Flow) පවත්වා ගන්නා ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.
මොකක්ද මේ "Risk-Based Refund" (RBR) ක්‍රමය?
සරලවම කිව්වොත්, පරණ SVAT ක්‍රමයේදී වගේ නෙවෙයි, දැන් ඔයා මුලින් බදු මුදල ගෙවන්න ඕන. පසුව ඒ මුදල රජයෙන් ආපසු ලබා ගන්න (Refund) අයදුම් කරන්න ඕන. ඒකෙදී ව්‍යාපාරිකයන් ඔවුන්ගේ බදු ගෙවීමේ ඉතිහාසය අනුව අවදානම් කාණ්ඩ 3කට බෙදනවා.
-
අඩු (Low) සහ මධ්‍යම (Medium) අවදානම්: ඔයා නියමිත වේලාවට බදු ගෙවන, නිවැරදිව වාර්තා සපයන කෙනෙක් නම්, පූර්ව පරීක්ෂාවක් නැතුව දින 45ක් ඇතුළත ඔයාගෙ මුදල් ආපසු ලබා ගන්න පුඵවන්.
-
ඉහළ (High) අවදානම්: ඔයාගේ වාර්තා වල දෝෂ තියෙනවා නම් බදු ගෙවීම් පැහැර හැරලා තියෙනවනම්, මුදල් ගෙවීමට පෙර සියලු ලේඛන (documents) දැඩි පරීක්ෂාවකට ලක් කරනවා.
ඔයා මොන කාණ්ඩයක හිටියත්, සියලුම ආපසු ගෙවීම් දින 45ක් ඇතුළත සිදු කරන්න මේකෙදී බලාපොරොත්තු වෙනවා.
මේ ක්‍රමයට ඇතුළත් වෙන්න පුළුවන් කාටද?
-
අපනයන ආදායම 50% ඉක්මවන අපනයනකරුවන්.
-
VAT පනතේ 22(7) වගන්තිය යටතේ අනුමත ව්‍යාපෘති.
-
අනුමත විශේෂ ව්‍යාපෘති සඳහා 50% කට වඩා සැපයුම් කරන ආයතන.
මේ අලුත් ක්‍රමය නිසි පරිදි බදු ගෙවන ව්‍යාපාරිකයන්ට වාසියක්. ඒ වගේම ලේඛන වල සිද්දවෙන කුඩා වැරැද්දකින් පවා ඔයාට ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ නිසා,
-
නියමිත වෙලාවට ලියාපදිංචි වීම.
-
නිවැරදි බදු වාර්තා (Returns) ඉදිරිපත් කිරීම.
-
නිවැරදි දවසට බදු ගෙවීම වැදගත් වෙනවා.
ඒකෙන් ඔයාට "අඩු අවදානම්" කාණ්ඩයට ඇතුළත් වෙලා ව්‍යාපාරයේ Cash Flow එක ශක්තිමත් කරගන්නත් පුළුවන්.
ඔයා නියමිත වෙලාවට, නිවැරදිව වාර්තා ලබා දුන්නොත් විතරයි මේ මුදල් ඉක්මණින් ආපසු ලැබෙන්නේ. ඒ නිසා දැන් ඉඳලම ඔයාගෙ බදු වාර්තා නිවැරදිව තියා ගන්න පුරුදු වෙන්න!
මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට Talentspark Consulting අප සමඟ සම්බන්ධ වෙන්න!
Call: 076 928 4857
#Tax #VAT #SVAT #InlandRevenue #Entrepreneurship #RiskBasedRefund #TalentsparkConsulting