Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Maslow's hierachy of needs

      February 11, 2026

      Maslow's hierachy of needs

      495433580_1006604901539433_1224875521944553278_n 2.jpg

      Maslowගේ අවශ්‍යතා ධූරාවලිය යනු මිනිස් අවශ්‍යතා විවිධ මට්ටම් අනුව වර්ගීකරණය කිරීම පිළිබඳ මනෝවිද්‍යාත්මක න්‍යායයකි. මෙය ඇමරිකානු ජාතික Abraham Maslow විසින් 1943 දී නිර්මාණය කරන ලදී. මෙය පිරමිඩයක් වැනි ආකාරයකින් සමන්විත වේ.

      මෙම ධූරාවලිය අවධි 5කින් සමන්විත වන අතර පහළ අවධියේ අවශ්‍යතා සපුරාගත් පසු පමණක් මිනිසුන් ඉහළ මට්ටම් වල අවශ්‍යතා සම්බන්ධයෙන් සිතන බව Maslowගේ ධූරාවලිය අනුව කියවේ . මුලික අවශ්‍යතා සිට ස්වයං සංවර්ධනය දක්වා පියවරෙන් පියවර ඉහළට යන ආකාරය මෙයින් විස්තර කරයි.

      1. Physiological Needs

      මෙය Maslow Hierarchy හි පළමු අවධිය වන අතර මෙහිදී පුද්ගලයකුට සිය ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වන ආහාර, ජලය, නවාතැන් සහ වාතය වැනි මූලික අවශ්‍යතා ඇතුළත් වේ. ව්‍යවසායකයකුට නම් ව්‍යාපාරය සඳහා මුලිකවම මුදල් ආදායමක් හෝ වෙනත් මූලික පහසුකම් තිබිය යුතුය.

      එනම්,

      • ව්‍යාපාරය කරගෙන යාමට අවශ්‍ය උපකරණ.

      • ගොඩනැගිල්ලක් හෙවත් සේවා ස්ථානයක්.

      • පුද්ගලික සෞඛ්‍යය - නින්ද, ආහාර පාන, සහ ආතතිය පාලනය වැනි මූලික අවශ්‍යතා වේ.

      මෙම අවධිය ව්‍යාපාරයක් සඳහා මූලික පසුබිම සකස් කරනු ලබයි. මූලික අවශ්‍යතා සම්පූර්ණ වීමෙන් පසුව ධූරාවලි‍යේ දෙවන අවධිය වෙත යොමු වේ.

      2. Safety Needs

      Maslow Hierarchy හි දෙවන අවධියේදී පුද්ගලයින් ආරක්ෂාව හා සුරක්ෂිත භාවයට අදාළ අවශ්‍යතා සඳහා අවධානය යොමු කරයි. මෙම අවධියේදී, ව්‍යාපාරයක් සිය මූල්‍යමය සහ නීතිමය ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමට අවධානය යොමු කරයි.

      ඒ අනුව,

      • වියදම් පාලනය, මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීම.

      • නීතිමය ආරක්ෂාව සම්බන්ධ කටයුතු, ව්‍යාපාර ලියාපදිංචිය, බදු ගෙවීම, නීත්‍යානුකූලව ක්‍රියා කිරීම.

      • ව්‍යාපාරයට ඇති අවදානම් වලට පිළියම් යෙදවීම (උදා: රක්ෂණය) වැනි කරුණු දැක්විය හැකිය.

      ව්‍යාපාරය සඳහා මූලික පසුබිම සැකසීමෙන් පසු, එයට සුරක්ෂිත පදනමක් ගොඩනැගීම දිගුකාලීන සාර්ථකත්වයට අත්‍යාවශ්‍ය වේ.

      3. Social Needs

      මෙය Maslow Hierarchy හි තුන්වන අවධිය වන අතර මෙහිදී පුද්ගලයින් ආදරය, රැකවරණය, සමාජ සම්බන්ධතා, කණ්ඩායම් හැඟීම් වැනි සමාඡීය අවශ්‍යතා සපුරා ගැනීම කෙරෙහි යොමු වේ. මෙම අවධියේදී ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි.

      ඒ අනුව,

      • ව්‍යාපාරික හවුල්කරුවන් සමග සම්බන්ධ වීම, ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීම හා නව ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීම

      • උපදේශකයන් සහ මාර්ගෝපදේශකයන්ගෙන් උපදෙස් ලබාගැනීම

      • පාරිභෝගිකයන් සමඟ හොඳ සබඳතාවක් ඇති කරගැනීම වැනි කරුණු දැක්විය හැකිය.

      ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීම ව්‍යාපාරයේ දියුණුව සදහා සෘජුව බලපායි.

      4. Esteem Needs‍

      තුන්වන අවධිය සම්පූර්ණ විමෙන් පසු හතරවන අවධිය වන ගෞරවය ලබා ගැනීම සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට පුද්ගලයින් අපේක්ෂා කරයි. මෙහිදී Maslow ට අනුව පුද්ගලයකු තමන්ට හොඳ පිළිගැනීමක් ලැබීම, ප්‍රශංසාවන් ලැබීම, ඇගයීම් ලැබීම වැනි අවශ්‍යතා සපුරා ගැනීමට බලාපොරොත්තු වේ.

      එය ව්‍යාපාරයකදී නම්,

      • ව්‍යාපාරික අරමුණු ලඟා කර ගැනීම

      • පාරිභෝගික සහයෝගය, හොඳ ප්‍රතිචාර සහ විශ්වාසය ලබාගැනීම

      • තරඟකාරී වෙළඳපොළ තුළ ප්‍රමුඛත්වය හා පිළිගැනීම ලබා ගැනීම ලෙස දැක්විය හැකිය.

      5. Self - Actualization Needs‍

      මෙය Maslow Hierarchy හි අවසාන අවධිය වන අතර මෙහිදී අනෙකුත් සියලු අවධි හා අවශ්‍යතා සම්පූර්ණ වීමෙන් පසුව පුද්ගලයකු තමන් සතු සියලු දක්ෂතා හා හැකියාවන් වර්ධනය කරගනිමින් තමන්ට හැකි උපරිම මට්ටම දක්වා දියුණු වීමට මෙහිදී අපේක්ෂා කරයි. එමෙන්ම මනස නිරවුල්ව පවත්වා ගැනීම, නිර්මාණශීලිත්වය හා දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීමටද අපේක්ෂා කරයි.

      ව්‍යාපාරික වශයෙන්, පුද්ගලයකු තම හැකියාවන් උපරිමයෙන් යොදා ගනිමින් තම ව්‍යාපාරය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරයි.

      ඒ අනුව,

      • නව නිපැයුම් ගෙන ඒම සහ නව අදහස් ක්‍රියාත්මක කිරීම

      • ව්‍යාපාරයෙන් සමාජයට සහාය වීම

      • පුද්ගලිකව සහ වෘත්තීමය වශයෙන් නිරන්තරයෙන් නව දැනුම ලබාගැනීම හා වැඩි දියුණු කිරීම වැනි කරුණු දැක්විය හැකිය.

      මෙම අදියරට ළඟා වන ව්‍යවසායකයින් මූල්‍යමය සාර්ථකත්වය සඳහා පමණක් නොව පුද්ගලික දියුණුව සහ දිගුකාලීන සාර්ථකත්වය සඳහා ද කටයුතු කරයි.

      Maslowගේ අවශ්‍යතා ධූරාවලිය (Maslow Hierarchy), ව්‍යවසායකයකුට තම ව්‍යාපාරය මූලික මට්ටමේ සිට ව්‍යාපාරික අරමුණු කරා ලඟා වීමට යොදාගත හැකි ඉතා වටිනා ක්‍රමවේදයකි. ඔබට මෙම ධූරාවලියේ අඩංගු අවධි 5 ඔබගේ ව්‍යාපාරය සඳහාද ඉහත සඳහන් කළ ආකාර අනුව යොදාගත හැකිය. ඉතින් දිගුකාලීන ව්‍යාපාරික සාර්ථකත්වයට, මෙය උදව්වක් කරගමු.

      #MaslowTheory #MaslowSinhala #අවශ්‍යතාධූරාවලිය #BusinessMotivation #EntrepreneurshipSL #BusinessGrowthLK #MotivationSinhala #ව්‍යාපාරිකසාර්ථකත්වය #PsychologySinhala #SinhalaBusinessTips #ව්‍යාපාරය #SriLankaEntrepreneurs #MotivationalPosts #BusinessHierarchy #SuccessSteps #MindsetMatters #LeadershipLK #BR #StartupSuccess #EntrepreneurLife #BusinessRegistration #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0