
සෑම ව්‍යාපාරයකම තම රැකියාවේ වගකීම් ඉක්මවා ගොස් කටයුතු කරන සේවකයන් සිටියි. ඔවුන් ගැටලු විසඳීම, නව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඉල්ලීමකින් තොරවම තම උත්සාහයෙන්ම කටයුතු කිරීම වැනි ගුණාංග පෙන්වයි.
මෙවැනි සේවකයින් අන්තර්-ව්‍යවසායකයන් හෙවත් Intrapreneurs ලෙස හඳුන්වනු ලැබේ. තමන්ගේම ව්‍යාපාරයක් නොමැති වුවද, ඔවුන් සාම්ප්‍රදායික සේවකයකුගෙන් වෙනස්ව ව්‍යවසායකයින් මෙන් සිතමින් කටයුතු කරමින් ව්‍යාපාරය වර්ධනය කිරීමට දායක වේ.
Intrapreneur කෙනෙකුගේ වටිනාකම:
ඔවුන් මගින්,
-
නව අදහස් ගොඩනැඟීම සහ එවැනි පරිසරයක් නිර්මාණය කිරීම
-
ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම වීම
-
අනෙක් සේවකයන් දිරිගැන්වීම සහ කණ්ඩායම් හැඟීම් ශක්තිමත් කිරීම
-
ඔබේ ව්‍යාපාරයට දිගුකාලීන සාර්ථකත්වයක් ඇති කිරීම වැනි වාසි ඔබට ලැබේ.
සාර්ථක Intrapreneur කෙනෙකු ගොඩනැගීම සඳහා,
-
සේවකයින්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම
-
ඔවුන්ගේ නව අදහස් අත්හදා බැලීමට සහාය වීම
-
කුඩා උත්සාහයන් පවා අගය කරමින් ඔවුන්ට පිළිගැනීමක් ලබාදීම වැනි රැකියා පරිසරයක් ඇති කල යුතුය.
වර්තමාන ලෝකයේ ව්‍යාපාර සඳහා සාමාන්‍ය සේවකයින්ට වඩා, උනන්දුව, කැපවීම සහ නව අදහස් සහිත සේවකයින් අත්‍යවශ්‍ය වේ. ඔබේ ව්‍යාපාරය තුලද Intrapreneursලා බිහිකිරීමෙන්, නව හැකියාවන් සමඟින් ඔබේ ව්‍යාපාර කටයුතු තවත් දියුණු කර ගත හැක.
ඉතින් මෙවැනි ධනාත්මක වෙනසක් සඳහා ඔබේ ව්‍යාපාරය තුලත් Intrapreneursලා ගොඩනඟන්න කටයුතු කරන්න! 🤛
Business Success Tips by TALENTSPARK CONSULTING
Stay informed, Stay tuned!
#Intrapreneurship #EntrepreneurMindset #Workplace #EmployeeEngagement #HRStrategy #TeamSuccess #TalentsparkConsulting #SriLankaBusiness #BusinessGrowth #BusinessTips #BusinessSuccess #BusinessConsultant #TailorMadeSolution