Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ව්‍යාපාරයට සෘජුවම බලපාන HR ගැටලු

      December 11, 2025

      ව්‍යාපාරයට සෘජුවම බලපාන HR ගැටලු

      520935524_1059406619592594_6109591902180015020_n.jpg ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හා දියුණුව සඳහා කටයුතු කිරීමේදී බොහෝ අභියෝග වලට මුහුණදීමට සිදු වේ. ඒ අතර, මානව සම්පත් කළමනාකරණය (HRM) වැදගත්ම ක්ෂේත්‍රයක් වේ. එසේ වුවත්, බොහෝ ව්‍යාපාරිකයින් අලෙවිකරණය, මුල්‍ය කළමනාකරණය හෝ නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර වලට පමණක් අවධානය යොමු කරමින්, HR කළමනාකරණය නොසලකා හැරීම තුළින් ව්‍යාපාරයට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකිය.

      කුඩා ගැටලුවක් නිසා වුවද වියදම් වැඩි වීම, කාලය අපතේ යාම, නීතිමය ගැටලු සහ ව්‍යාපාර කටයුතු අසාර්ථකවීම් සිදුවිය හැකිය. එමනිසා සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට, පහත වැරදි වලින් වැළකී සිටිය යුතුය.

      1. නොසුදුසු සේවකයන් බඳවා ගැනීම

      ඉක්මණින් සේවකයින් බඳවා ගැනීම හෝ නොසුදුසු සේවකයකු යම් තනතුරක් සඳහා තෝරා ගැනීම තුළින් දීර්ඝ කාලීන ගැටලු වලට මුහුණ දීමට සිදුවිය හැකිය.

      එමගින්:

      • ව්‍යාපාරයේ ඵලදායිතාවය අඩු වීමට හේතු විය හැකිය.

      • කණ්ඩායමේ සහයෝගීතාවය අවම විය හැකිය.

      • ඉක්මණින් රැකියාවෙන් ඉවත් වීම නිසා නැවත සේවකයින් බඳවා ගැනීම සහ පුහුණු කිරීම සඳහා අමතර වියදම් දැරීමට සිදුවිය හැකිය.

      Skills පමණක් නොව, ඔබේ ව්‍යාපාරයේ අරමුණු සහ දැක්ම සමඟ ගැළපෙන සේවකයන් තෝරා ගැනීමට කටයුතු කිරීම මඟින් මෙම ගැටලු වළක්වා ගත හැකිය.

      2. රැකියා ගිවිසුම් සකස් නොකිරීම

      ලිඛිත ගිවිසුම් සකස් නොකිරීම මුලදී පහසු යැයි පෙනෙන නමුත්, එය පසුව ඔබේ ව්‍යාපාර කටයුතු වලට ගැටලු ඇති කළ හැකිය.

      එමගින්:

      • සේවකයින්ට ඔවුන්ගේ වගකීම් පිළිබඳ අවබෝධයක් නොමැති වීම නිසා ඔවුන් වගකීම් වැරදියට තේරුම් ගැනීමට මුල පිරිය හැකිය.

      • නීතිමය ගැටලු වලට මුහුණදීමට සිදුවිය හැකිය.

      • වැටුප් හෝ වගකීම් සම්බන්ධ ගැටලු ඇති විය හැකිය.

      වගකීම්, වැටුප්, ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සහ ආචාරධර්ම පැහැදිලිව විස්තර කරන ලිඛිත රැකියා ගිවිසුම් සේවකයින්ට ලබාදීම මෙම ගැටලු අවම කරගැනීමට ගත හැකි සාර්ථක විසඳුමකි.

      3. කුඩා ගැටලු නොසලකා හැරීම

      සේවකයින් අතර සුළු මතභේද ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් ඒවා නොසලකා හැරීම මඟින් කුඩා මතභේද විශාල අර්බුද බවට පත්විය හැකිය.

      එමගින්:

      • සේවකයින් අතර විශ්වාසය බිඳ වැටිය හැකිය.

      • කණ්ඩායමේ Performance අඩුවිය හැකිය.

      • සේවය කිරීමට අහිතකර Toxic පරිසරයක් නිර්මාණය වීමට හේතු විය හැකිය.

      මෙම ගැටලු අවම කරගැනීමට සේවකයින්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම (විවෘත සන්නිවේදනය), ගැටලු ඉක්මණින් සහ සාධාරණව විසඳීමේ ක්‍රියාවලියක් නිර්මාණය කිරීම, මෙම ගැටළුවට විසඳුමකි.

      4. නව සේවකයින්ට නිසි පුහුණුවක් ලබා නොදීම

      ‍යම් තනතුරක් සඳහා සුදුසු සේවකයෙකු බඳවා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. බඳචා ගන්නා නව සේවකයින් හොඳින් ඔවුන්ගේ කාර්යයන් ඉටුකිරීමට නම් ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.

      නිසි පුහුණුවක් නොමැති වීමෙන්:

      • රැකියාවේ අරමුණු සහ වගකීම් තේරුම් ගැනීමට අපහසු විය හැකිය.

      • කණ්ඩායමේ අනික් සාමාජිකයන් සමඟ සාමුහිකව කටයුතු කිරීම අපහසු විය හැකිය.

      • නිතර වැරදි සිදු කිරීම හෝ ඉක්මණින් රැකියාවෙන් ඉවත්වීම සිදුවිය හැකිය.

      නව සේවකයන් සඳහා නිවැරදි පුහුණු වැඩසටහනක් සකස් කිරීම සහ එයින් ඔවුන්ව රැකියා කටයුතු සඳහා සූදානම් කිරීම සහ ව්‍යාපාරයේ සංස්කෘතියට හුරු කරවීම මඟින් මෙම ගැටලු වළක්වා ගත හැකිය.‍

      සේවකයින්ට ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට මෙන්ම පසුපසට ඇද දැමීමටද හැකිය. එමනිසා ව්‍යාපාරිකයෙකු වශයෙන්, මානව සම්පත් කළමනාකරණය ඔබට නොසලකා හැරිය නොහැකිය. එබැවින් HR කළමනාකරණය ශක්තිමත් කරගනිමු!

      ඔබගේ ව්‍යාපාර කටයුතු සමඟ HR කළමනාකරණ කටයුතු සිදුකිරීම අපහසුද? Talentspark Consulting අප හා සම්බන්ධ වී වෙනදටත් වඩා ලේසියෙන් මේ කටයුතු කළමනාකරණය කරගන්න.

      වැඩි විස්තර සඳහා:

      📞769284857 / 742056297

      #StartupTips #HRMistakes #EntrepreneurLife #SriLankaBusiness #TalentsparkConsulting #BusinessGrowth #HRManagement #HRConsultant #TailorMadeSolutions #HRSriLanka

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      July 14, 2026

      What Is Income Tax? Who Needs to Pay It?

      Read MoreRead more
      July 13, 2026

      Is Your Registered Company Inactive? Here's What You Need to Know

      Read MoreRead more
      July 8, 2026

      Why Some Businesses Survive Economic Challenges While Others Don't

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0