
පාරිතෝෂිතය (Gratuity) කියන්නේ මොකක්ද?
සේවකයෙකු, රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේදී සේවායෝජකයා (employer) විසින් ගෙවනු ලබන මුදලක් තමයි පාරිතෝෂිතය (Gratuity) කියන්නේ.
මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති වීම නිසා රැකියාවෙන් ඉවත් වන විටදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව පැහැදිලිව දැනගැනීම ඉතා වැදගත් වේ.
මෙය 1983 අංක 12 දරන පාරිතෝෂිත ගෙවීමේ පනත (Payment of Gratuity Act) යටතේ පාලනය වේ.
පාරිතෝෂිතය ලබාගැනීමේ කොන්දේසි
පාරිතෝෂිත දීමනාවක් ලබා ගැනීම සඳහා,
-
සේවය අවසන් වීමට පෙර ගතවූ මාස 12 තුළ ආයතනයේ 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවය කර තිබිය යුතුය.
-
සේවකයා එකම සේවායෝජකයා (employer) යටතේ අඛණ්ඩව අවුරුදු 5ක් සේවය කර තිබිය යුතුය.
මෙම මූලික කරුණු 2 සම්පූර්ණ කර නොමැති නම් ඔබට එම අවස්ථාවේදී පාරිතෝෂිතය ලබා ගත නොහැකිය.
මීට අමතරව පහත පුද්ගලයින්ටද පාරිතෝෂිතය හිමි නොවේ.
-
ගෘහ සේවකයින්
-
පුද්ගලික නිවෙස්වල සේවය කරන පුද්ගලික රියදුරන්
-
දායකත්ව නොවන (Non-contributory) විශ්‍රාම වැටුප් ක්‍රමයකට අයිතිය ඇති සේවකයින්
Gratuity ගණනය කරන්නේ කොහොමද?
අවසාන වරට ලැබූ මාසික වැටුපෙන් අඩක් (½) × සේවය කළ සම්පූර්ණ අවුරුදු ගණන
උදාහරණයක් ලෙස: සේවකයෙකු අවසාන වරට ලැබූ මාසික වැටුප රු. 60,000ක් සහ වසර 6ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ නම්:
පාරිතෝෂිතය = ½ × 60,000 × 6 = රු. 180,000
පාරිතෝෂිතය පිළිබඳ නිවැරදි දැනුමක් තිබීම සේවකයින්ට තම අනාගතය සැලසුම් කරගැනීමටත්, සේවායෝජකයින්ට නීතිමය කටයුතු නිවැරදිව පවත්වාගැනීමටත් උපකාරී වනු ඇත.
ඔබේ ආයතනයේ HR, Labour Law හෝ EPF/ETF කළමනාකරණය සම්බන්ධ වැඩිදුර උපදෙස් හෝ සහායක් ලබා ගැනීමට අවශ්‍යද?
Call ➡ 076 928 4857
#Gratuity # EPF #ETF #EmployeeBenefits #HRCompliance #LabourLaw #SriLankaBusiness #WorkplaceAwareness #Talentspark Consulting