Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Form 15 ගැන ඔබ දැනුවත්ද?

      January 28, 2026

      Form 15 ගැන ඔබ දැනුවත්ද?

      චදිඑ 02494071842_998855652314358_5042650293709417210_n.jpg Form 15 හෙවත් Annual Return එක යනු සමාගමක යාවත්කාලීන තොරතුරු ඇතුළත් කර සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය (ROC) වෙත ඉදිරිපත් කරන ලියවිල්ලකි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම සමාගම් ඒවා ක්‍රියාත්මක වුවද නොවුවද Form 15 (Annual Return) එක සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට (ROC) ඉදිරිපත් කළ යුතුය. පළමුවෙනි Form 15 එක ඉදිරිපත් කල යුත්තේ සමාගම් ලියාපදිංචියේ සිට මාස 18 කින් වන අතර ඉන්පසු සෑම වසරක් පාසා මෙය ඉදිරිපත් කල යුතුය.

      Form 15 එක ඉදිරිපත් කිරීමේදි සැලකිලිමත් විය යුතු කරුණු

      • සමාගමක සෑම වර්ෂයකම Annual General Meeting (AGM) එකෙන් පසු දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.

      • සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ සමාගම් ලේකම්වරයාගේ අත්සන් තිබීම අනිවාර්ය වේ.

      • සමාගමේ කොටස් හිමියන්, අධ්‍යක්ෂවරුන්, ලේකම්වරයා හා විගණකවරුන් යන සියලුම පුද්ගලයින්ගේ තොරතුරු ඇතුළත් විය යුතුය.

      • සමාගමේ නම වෙනස් කිරීම්, ලියාපදිංචි ලිපිනය, කොටස් නිකුත් කිරීම් පිළිබඳ තොරතුරු, AGM සහ Annual return දිනයන් වැනි තොරතුරු ඇතුළත් කළ යුතුය.

      මෙය වැදගත් වන්නේ ඇයි?

      • පෙර වර්ෂය සඳහා Form 15 එක (Annual Return) ඉදිරිපත් කර නොතිබේ නම්, බොහෝ විට ඔබට සමාගමේ අධ්‍යක්ෂවරුන්, ලේකම්වරුන්, සමාගම් ලිපිනය හෝ සමාගම් නාමය වෙනස් කළ නොහැකි වේ.(ලියාපදිංචියෙන් මාස 18කට පසු නම්)

      • සමාගමක් ක්‍රියාත්මක නොවූවද Form 15 එක ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

      • මෙමගින් ඔබේ සමාගමේ නවීනතම තොරතුරු රජයේ වාර්තාවලට ඇතුළත් කරයි.

      • නීතිමය පරීක්ෂණ වලදී ගැටලු ඇතිවීම වළක්වයි.

      • නියමිත කාලයේදී Form 15 එක ඉදිරිපත් කර නොතිබීමෙන් සමාගමට රු: 100,000 දක්වා සහ සෑම සමාගම් අධ්‍යක්ෂවරයෙකුටම රු: 50,000 දක්වා දඩ මුදල් ගෙවීමට සිදුවිය හැක.

      Form 15 එක ඉදිරිපත් කරන්නේ කෙසේද?

      • eROC මාර්ගගත පද්ධතිය හරහා සකස් කර ඉදිරිපත් කළ හැකිය.

      • Form 15 එක ඉදිරිපත් කිරීමේදී අදාළ රජයේ ගාස්තු ගෙවිය යුතුය.

      • අනුමත වූ පසු Email එකක් මගින් තහවුරු කිරීමක් ලැබෙනු ඇත. ඉන්පසු ඔබට අදාල රජයේ ගාස්තු ගෙවා සහතික කල Form 15 හි පිටපතක් ලබා ගත හැකිය.

      අදාල කාලයේදී යාවත්කාලීන තොරතුරු ඇතුළත් කර Form 15 (Annual Return) එක ඉදිරිපත් කිරීමෙන් නීතීමය ගැටළු ඇති නොවේ.

      ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්, Talentspark Consulting අප සමග සම්බන්ධ වන්න!

      📞 769284857 / 742056297

      Let’s stay compliance for a successful future!

      #Form15 #AnnualReturn #CompanyCompliance #SriLankaBusiness #CompanyLawSL #BusinessConsultingSL #CompaniesAct #CompanySecretarial #CompanyRegistration #Form15 #ROCSriLanka #BR #AnnualReturnSubmission #Entrepreneurship #BusinessSupport #StartupSriLanka #BusinessGrowth #TalentsparkConsulting #businesstips #CompanySecretary #BusinessConsultant #Registration #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0