Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      five why theory එක භාවිතා කරමින් ගැටලු විසඳමු!

      April 2, 2026

      five why theory එක භාවිතා කරමින් ගැටලු විසඳමු!

      526329840_1065692652297324_6792971142486040552_n 1.jpg

      ව්‍යාපාරයක් සාර්ථකව ඉදිරියට ගෙනයාම තරමක් අපහසු කාර්යයකි. එයට හේතුව නම් විවිධ අවස්ථා වලදී ගැටලු මතු වීමයි. වියදම් වැඩිවීම, Sales අඩුවීම, Delivery ප්‍රමාද වීම, පාරිභෝගික පැමිණිලි වැඩිවීම, සේවක ගැටලු ඇතිවීම මේ සඳහා උදාහරණ කිහිපයකි.

      බොහෝ ව්‍යාපාරිකයින් මෙම ගැටලු සඳහා ඉක්මණින් විසඳුම් සෙවීමට කටයුතු කරයි. නමුත් සමහර ගැටළු ඇතිවන්නේ ඇතැම් සංකීර්ණ ප්‍රශ්නවල හේතුවක් නිසා විය හැකිය. එමනිසා ගැටලුවේ මතුපිටින් පමණක් බැලීමෙන් විසඳුම් සොයන්නේ නම්, එම ගැටලුව නැවත නැවත ඇතිවිය හැකිය.

      සැබෑ සාර්ථකත්වය ලැබීමට නම් යම් ගැටලුවකට මුල් වූ හේතුව සොයා එය විසඳීමට කටයුතු කළ යුතුය.

      ඒ සඳහා සරල හා පහසු ක්‍රමයක් ලෙස Five Why ක්‍රමය භාවිතා කළ හැකිය.

      එය ක්‍රියාත්මක වන ආකාරය:

      ගැටලුවේ සැබෑ හේතුව හඳුනා ගැනීමට ඇයි? (“Why?”) ප්‍රශ්නය පස් (5) වතාවක් අසන්න!

      ඒ සඳහා උදාහරණයක් සළකා බලමු:

      1. ඇයි පාරිභෝගික පැමිණිලි වැඩි වී ඇත්තේ? බෙදාහැරීම (Delivery) ප්‍රමාද වීම නිසා.

      2. ඇයි බෙදාහැරීම (Delivery) ප්‍රමාද වූයේ? ගබඩා තුළ තොග අවසන් වීම නිසා.

      3. ඇයි තොග අවසන් වූයේ? ඇනවුම් (Orders) නියමිත කාලය තුළදී යැවීම සිදු නොකළ නිසා.

      4. ඇයි ඇනවුම් (Orders) නියමිත කාලය තුළදී යැවීම සිදු නොකළේ? ඇනවුම් (Orders) කළමනාකරණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම නිසා.

      5. ඇයි ඇනවුම් (Orders) කළමනාකරණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වූයේ? එය කළමනාකරණය කිරීමට වගකිව යුතු පුද්ගලයකු පත්කර නොමැති නිසා.

      ඒ අනුව මෙහිදී ගැටලුව විසඳීමට ඇනවුම් (Orders) කළමනාකරණය කිරීම සඳහා වගකිවයුතු පුද්ගලයකු පත්කර කාර්යක්ෂමව ඇනවුම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් පවත්වා ගැනීමට කටයුතු කළ යුතු වේ.

      Five Why ක්‍රමය පෙන්වා දෙන පරිදි, බොහෝ ගැටලු ආරම්භ වන්නේ සරල සහ නොසැලකිලිමත් කරුණු වලින් බව පැහැදිලි වේ.

      Five Why ක්‍රමය අනුව ගැටලුවේ මුල් හේතුව සොයා විසඳුම් යෙදීමෙන්, ඔබට කාලය ඉතිරි කර ගැනීමට, වියදම් අඩුකර ගැනීමට, ඔබේ ව්‍යාපාර ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීමට සහ ව්‍යාපාරය වඩාත් ආරක්ෂිතව පවත්වාගෙන යාමට හැකි වේ.

      Tips by TALENTSPARK CONSULTING

      Stay informed, Stay tuned!

      #FiveWhy #ProblemSolving #BusinessTips #BusinessGrowth #Entrepreneurship #StartupSriLanka #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0