Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      EPFද? ETFද? කෙහොමද මම මේ දෙකේ වෙනස තේරුම් ගන්නේ?

      March 11, 2026

      EPFද? ETFද? කෙහොමද මම මේ දෙකේ වෙනස තේරුම් ගන්නේ?

      520462325_1059518702914719_5919425232962493089_n 2.jpg ඔබ යම් ආයතනයක හිමිකරුවකු හෝ සේවකයකු නම්, EPF සහ ETF අතර පවතින ප්‍රධාන වෙනස්කම් තේරුම් ගැනීම වැදගත් වේ. EPF සහ ETF යනු ශ්‍රී ලංකාවේ සේවකයින්ට, විශේෂයෙන් විශ්‍රාම යාමෙන් පසු මූල්‍ය ආරක්ෂාවක් සැපයීම සඳහා නිර්මාණය කර ඇති වැදගත් අරමුදල් දෙකකි.

      EPF - සේවක අර්ථසාධක අරමුදල

      • සේවකයකු විශ්‍රාමයාමේදී ඔවුන්ට යම් ශක්තියක් ලබා දීම මෙහි මූලික අරමුණ වේ.

      • සේවකයාගේ මාසික වැටු‍‍පෙන් 8% ක මුදලක්ද, ආයතන හිමිකරුවකු විසින් සේවකයාගේ මාසික වැටු‍‍පෙන් 12% ක මුදලක්ද EPF සඳහා වෙන් කළ යුතුය.

      • ඒ අනුව සම්පූර්ණ දායකත්වය සේවකයාගේ මාසික වැටු‍‍පෙන් 20% කි.

      • රැකියාවේ ස්වභාවය ස්ථිර, තාවකාලික, හෝ කොන්ත්‍රාත් වුවද, එම සියලුම සේවකයන් හට EPF ගෙවිය යුතුය.

      • සේවකයකු විශ්‍රාම ගැනීමේදී, ස්ථිරව විදේශගත වීමේදී හෝ ආබාධිත වීම හේතුවෙන් රැකියාවෙන් ඉවත් වීමේදී හෝ කාන්තාවක් නම් විවාහයෙන් පසු රැකියාවෙන් ඉවත් වීමේදී මෙම දායකත්ව මුදල් ලබාගත හැකිය.

      • EPF ගෙවීම සඳහා පළමුව ඔබගේ ආයතනය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

      ETF - සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල

      • රැකියා කාලය තුළ හා ඉන් පසුවද සේවකයකන්ගේ සුභසාධනය ඇති කිරීම මෙහි අරමුණ වේ.

      • ආයතන හිමිකරු‍ පමණක් සේවකයාගේ මාසික වැටු‍‍පෙන් 3% ක මුදලක් මේ සඳහා වෙන් කළ යුතුය.

      • ETF සඳහා වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය නොවේ. EPF ලියාපදිංචි අංකයම මෙයට භාවිතා කළ හැකිය.

      • රැකියාවේ ස්වභාවය ස්ථිර, තාවකාලික, කොන්ත්‍රාත් වුවද එම සියලුම සේවකයන් හට ETF ගෙවිය යුතුය.

      • සෞඛ්‍ය හා ජීවිත රක්ෂණ, නිවාස ණය පහසුකම්, සේවකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැනි ප්‍රතිලාභ ETF මඟින් ලබා දෙයි.

      • රැකියාව අවසන් වීම, විශ්‍රාම ගැනීම, රැකියාවෙන් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම, ස්ථිර විදේශගත වීම්, ස්ථිර ආබාධයක් ඇතිවීම හෝ මරණය සිදුවීම වැනි ඕනෑම අවස්ථාවකදී ETF මුදල් ආපසු ලබා ගත හැකිය.

      EPF සහ ETF, නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් ඔබේ සේවකයින්ගේ සහ ඔබේ ආයතනයේ අනාගත පැවැත්ම ආරක්ෂා කර ගත හැකි අතර නීතිමය දඩ ගෙවීම් වලින් වැළකී සිටීමටද හැකියාව ලැබේ.

      EPF/ETF ලියාපදිංචි කිරීමට හෝ කළමනාකරණය කිරීම සඳහා ඔබට මග පෙන්වීමක් අවශ්‍ය නම්, TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.

      📞 769284857 / 742056297

      #EPFvsETF #EmployeeBenefits #SriLankaBusiness #EPFRegistration #ETFRegistration #HRManagement #TalentsparkConsulting #HRSupport #TailorMadeSolutions #HRConsultant

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0