ඔයා EPF හෝ ETF ඉදිරියේදි ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ ප්‍රශ්නය ඔයාටත් ඇති. ඒ තමයි EPF/ ETF සල්ලි වලටත් බදු ගෙවන්න ඕනද කියලා.
EPF එක හැදෙන්නේ සේවකයාගේ හා සේවා ආයතනයේ දායකත්වයෙන්. සේවකයෙක්ගෙ මාසික වැටුපෙන් 8% මේ සඳහා වෙන්කරන්න ඕන. ඒ වගේම සේවා ආයතනය සේවකයෙක්ගෙ මාසික වැටුපෙන් 12% ක මුදලක් මේ සඳහා වෙන්කරන්න ඕන. මේ 8% හා 12% අගයන් දෙක එකතුවෙලා 20% ක් විදියට තමයි මුළු EPF මුදල හැදෙන්නේ.
මේ EPF වලට Tax ගෙවන්න ඕනද?
නැහැ. ලංකාවෙ නීතිවලට අනුව සේවක අර්ථසාධක අරමුදල බදුවලින් සම්පූර්ණයෙන්ම නිදහස්.
ETF එක හැදෙන්නේ අදාල සේවකයා සේවය කරන ආයතනයෙන්. සේවකයෙක්ගෙ මාසික වැටුපෙන් 3%ක මුදලක් සේවා ආයතනයෙන් මේ සඳහා වෙන්කරන්න ඕන.
ETF වලට Tax එකක් ගෙවන්න ඕනද?
නීතිවලට අනුව හා යම් කොන්දේසි වලට අදාලව ETF වලට Tax ගෙවන්න ඕන. මේ ETF අරමුදල්, කොටස් වෙළෙඳපොලේ නැත්නම් බැඳුම්කර වල ආයෝජනය කරනවා. ඒ ආයෝඡන වලින් ලාභ, පොලී ආදායම් ලැබෙනවා. මේ වගේ අවස්ථාවකදී ලැබෙන පොලී මුදල් වලට බදු ගෙවන්න ඕන නෑ. නමුත් ඔයා ඒ සඳහා ආයෝජනය කරන මූලික මුදල වෙනුවෙන් බදු මුදලක් ගෙවන්න වෙනවා.
ඔයා ආයෝජනය කරන මුදල,
-
මිලියන 10 ක් දක්වා බදු වලින් නිදහස්
-
මිලියන 10-20 නම් 6% ක්
-
මිලියන 20 ට වැඩිනම් 12%
විදියට තමයි බදු අය කරන්නේ.
ඉතින් මේකේ සාරාංශය අනුව ඔයාගේ EPF එක බදුවලින් මුළුමනින්ම නිදහස් වන අතර ETF එකෙන් ආයෝජනය කරන මුදල මිලියන 10ට වැඩිනම් පමණයි බදු ගෙවන්න ඕන.
ඔයාට මේ පිළිබද වැඩිදුර විස්තර අවශ්‍ය නම් අප හා සම්බන්ධ වන්න.
📞 769 284 857 | 742 056 297
#EPF #ETF #SriLankaTax #EPFTax #ETFInvestment #SalaryBenefits #TaxPlanning #EmployeeBenefits #RetirementFunds #BusinessGrowth #TaxConsulting #Entrepreneurship #BusinessTips #BusinessConsulting #TaxCompliance #SriLankaBusiness #SmartBusiness #taxcalender #taxsrilanka #startupbusiness #businessregistration #BR #BusinessSriLanka #TalentsparkConsulting #TailorMadeSolutions