
පුද්ගලික සමාගමක් (Private Limited) තුල අධ්‍යක්ෂවරුන් (Directors) සහ කොටස්කරුවන් (Shareholders) යනු ඉතා වැදගත් පාර්ශව දෙකකි. නමුත් ඔවුන්ගේ වගකීම් සහ බලතල එකිනෙකට වෙනස් වේ. ඔවුන්ගේ වගකීම් පැහැදිලිව වෙන් කර ගැනීම, සමාගමක කළමනාකරණය ශක්තිමත් කරගැනීමට උපකාරි වේ. අධ්‍යක්ෂවරුන් සහ කොටස්කරුවන් අතර පවතින වෙනස්කම් පහත පරිදි දැක්විය හැකිය.
අධ්‍යක්ෂවරුන් (Directors)
-
සමාගමේ දෛනික මෙහෙයුම් කළමනාකරණය කිරීම සිදු කරයි.
-
සමාගම වෙනුවෙන් ව්‍යාපාරික තීරණ ගනියි.
-
කළමනාකරණ සේවාවන් සඳහා ගාස්තු හෝ වැටුප් ලබා ගනී.
-
Companies Act No. 7 of 2007 යටතේ “නීතිවිරෝධී ලෙස ක්‍රියා නොකිරීම” වැනි වගකීම්වලට යටත් වේ.
කොටස්කරුවන් (Shareholders)
-
සමාගමේ හිමිකාරීත්වය දරයි.
-
සමාගමේ කොටස් (Shares) මිලදී ගනිමින් මුදල් ආයෝජනය කරයි.
-
වාර්ෂික ලාභ කොටස් ආදායම් (Dividends) ලබා ගැනීමට හිමිකමක් ඇත.
-
සාමාන්‍ය රැස්වීම්වලදී සම්මත තීරණ ගැනීමට සහ ඡන්දය භාවිතා කිරීමට බලය ඇත. (උදා: අධ්‍යක්ෂවරුන් පත් කිරීම/ඉවත් කිරීම වැනි)
මෙම වෙනස්කම් පැහැදිලිව වෙන් කරගනිමින් කටයුතු කිරීම, ඔබේ ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව ඉටු කරගැනීමටත් පාර්ශවයන් අතර විශ්වාසය ශක්තිමත් කරගැනීමටත් උපකාරි වේ.
Talentspark Consulting සමඟ ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කර ගන්න!
අප අමතන්න 📞 0769284857 📞 0742056297
Stay informed, Stay tuned!
#BusinessTips #Directors #Shareholders #SMEs #TalentsparkConsulting #CompanySriLanka #Stakeholders #EntrepreneurTips #SriLankaBusiness #BusinessConsultant #TailorMadeSolutions