Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Company Owner කෙනෙක් දැනගත යුතුම labor laws

      December 5, 2025

      Company Owner කෙනෙක් දැනගත යුතුම labor laws

      White and Brown Simple Geometric Law Firm Service Promotion Instagram Post.png ඔබේ සමාගමේ මානව සම්පත් කළමනාකරණය නීත්‍යානුකූලව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා පහත නීතිමය කරුණු පිළිබඳව දැනුවත් වීම Company Owner කෙනෙක් වන ඔබට අත්‍යවශ්‍ය වේ.

      1. වැටුප්, EPF/ETF, සහ Gratuity ගෙවීම්

      • Wages Boards Ordinance යටතේ නියමිත අවම වැටුප් ගෙවිය යුතුය.

      • EPF (සේවක අර්ථසාධක අරමුදල), සේවකයාගේ වැටුපෙන් 8% + සමාගමෙන් 12% (සම්පූර්ණ 20%) ලෙස ගෙවිය යුතුය.

      • ETF (සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල) සඳහා සමාගම සේවකයාගේ වැටුපෙන් 3% ක් ගෙවිය යුතුය.

      • සේවකයෙකු වසර 5 කට වඩා වැඩි කාලයක් සේවය කළහොත් Payment of Gratuity Act, No. 12 of 1983 යටතේ පාරිතෝෂිතය (Gratuity) ගෙවිය යුතුය.

      2. සේවා වේලාවන් සහ අතිකාලය (Working Hours & Overtime)

      • Shops and Office Act එක යටතේ, සාමාන්‍ය සේවා කාලය සතියකට පැය 45ක් හෝ දිනකට පැය 9ක් ලෙස සීමා වේ. (විවේක වේලාවන්ද ඇතුලත්ව)

      • අතිකාල වැඩ (Overtime) සඳහා නිත්‍යානුකූලව අතිකාල ගෙවීම් සිදු කල යුතුය.

      3. සේවකයන් ඉවත් කිරීම (Termination Procedures)

      • සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමේදී Termination of Employment of Workmen Act, No. 45 of 1971 යටතේ, අදාළ කරුණු පිළිබදව සැලකිලිමත් විය යුතුය.

      • නීතිවිරෝධී ලෙස සේවය අත්හිටුවීමේ අවදානම අවම කිරීම සඳහා නිවැරදි ලේඛන තබාගැනීම අවශ්‍ය වේ.

      4. සාධාරණ රැකියා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම (Fair Employment Practices)

      • 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත (Industrial Disputes Act) - කාර්මික ආරවුල් වැළැක්වීම හා ආරවුල් ඇති වූ විට එය විසඳීමට ක්‍රියාකොට කාර්මික සාමය තහවුරු කිරීම මෙම පනතේ මුලික අරමුණ වේ. එමගින් සේවකයන්ට සේවය අසාධාරණව අත්හිටුවීමෙන් ආරක්ෂාව ලැබේ. ‍ මෙම පනතට අනුව කාර්මික ආරවුල් ලෙස,

      • සේවායෝජකයෙකු හා සේවකයෙකු අතර

      • සේවකයන් සහ සේවකයන් අතර

      • සේවයේ යෙදවීම, සේවයේ නොයෙදවීම හෝ සේවා කොන්දේසි

      • සේවයේ යෙදවීමට අදාළ තත්ත්වයන් හෝ සේවයෙන් පහකිරීම, සේවයෙහි නැවත පිහිටවීම යන හේතුන් නිසා ඇති වන ආරවුල් කාර්මික ආරවුල් ලෙස අදහස් වේ.

      • සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කුසලතා, අත්දැකීම් සහ කාර්ය සාධනය මත පදනම්ව සිදු විය යුතු අතර, ස්ත්‍රී/පුරුෂ භාවය, ජාතිය, ආගම හෝ වයස් භේදයන්ගෙන් තොරව සිදු කළ යුතුය. එමගින් සියලුම සේවකයන්ට සාධාරණ හා සමාන අවස්ථා ලැබීම තහවුරු වේ.

      5. නීත්‍යානුකූල රැකියා ගිවිසුම් ලබාදීම (Employment Contracts)

      • Shops and Office Act, No. 19 of 1954 අනුව, සෑම සේවකයෙකුටම ලිඛිත රැකියා ගිවිසුමක් ලබා දිය යුතු අතර, එය සේවකයාගේ අත්සන සහිතව තබාගත යුතුය.

      • රැකියා ගිවිසුම තුළ වැටුප්, සේවා වේලාවන්, වගකීම් සහ ගිවිසුම අවසන් කිරීමේ කොන්දේසි පැහැදිලිව සඳහන් කළ යුතුය.

      • එමගින් සේවකයින්ට තම වගකීම්, සීමා ,කොන්දේසි හා වැටුප් ගෙවීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබේ. එය විශ්වාසනීයත්වය හා විනිවිදභාවය තහවුරු කරයි.

      මෙම මූලික නීති අනුගමනය කිරීමෙන් ඔබේ සමාගමේ:

      • නීතිමය අනුකූලතාව ආරක්ෂා වේ.

      • සේවක සම්බන්ධතා වැඩිදියුණු වේ.

      • නීතිමය ගැටලු සහ දඩ පැනවීම් වැළැක්වේ.

      ඔබට ඔබේ ව්‍යාපාරය සඳහා HR සහ Labour Laws පිළිබඳ වෘත්තීය උපදෙස් සහ සේවාවන් අවශ්‍ය නම්,

      Talentspark Consulting වන අප අමතන්න.

      📞 0769284857

      📞 0742056297

      Your Trusted HR Partner!

      #HRComplianceSL #EPFETF #SriLankaLabourLaw #TalentsparkConsulting
      #HumanResourcesSL #HRPractices #TrustedHRPartner #HRHelpSriLanka #BusinessSupportSL #entrepreneur #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      July 14, 2026

      What Is Income Tax? Who Needs to Pay It?

      Read MoreRead more
      July 13, 2026

      Is Your Registered Company Inactive? Here's What You Need to Know

      Read MoreRead more
      July 8, 2026

      Why Some Businesses Survive Economic Challenges While Others Don't

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0