Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      Business owner කෙනෙකු අනිවාර්යෙන්ම දැනගත යුතු financial statements

      February 27, 2026

      Business owner කෙනෙකු අනිවාර්යෙන්ම දැනගත යුතු financial statements

      503320781_1023622383171018_3716554482154292758_n 3.jpg ව්‍යාපාරයක් ලාභ ලැබීම, ව්‍යාපාරයේ මුදල් භාවිතා වන අයුරු, ව්‍යාපාරයට ඇතිවිය හැකි අවදානම්, ව්‍යාපාරයේ ණය වැනි වැදගත් තොරතුරු මූල්‍ය වාර්තා තුළින් ලබාදෙයි. ව්‍යාපාර කටයුතු නිරවුල්ව පවත්වා ගැනීමටත් අවශ්‍ය තීරණ ලබා ගැනීමටත් මෙම මූල්‍ය වාර්තා පිළිබඳ අවබෝධය සෑම ව්‍යාපාරිකයෙකුටම වැදගත් වේ.

      ඉන් ප්‍රධාන වනුයේ:

      1. Income Statement/Profit & Loss Statement (ආදායම් වියදම් ප්‍රකාශය)

      මෙම වාර්තාව තුළින් ඔබේ ව්‍යාපාරයේ ආදායම්, වියදම් සහ අවසන් ලාභය හෝ අලාභය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරයි. මෙම වාර්තාවේ අඩංගු තොරතුරු විශ්ලේෂණය මඟින් වසරක් තුළ විකුණුම් වලට අනුව ලාභාංශ සහ වියදම් වල වෙනස්වීම් පිළිබද තොරතුරු ලබාගත හැකි අතර ව්‍යාපාරයේ වියදම් අවම කරමින් ආදායම් වැඩි කිරීමට අවශ්‍ය තීරණ ලබා ගැනීමටද හැකියාව ලැබේ.

      2. Balance Sheet (මූල්‍ය තත්ත්ව ප්‍රකාශය)

      ව්‍යාපාරයේ වර්තමාන මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ විශ්ලේෂණයක් මෙම වාර්තාව මඟින් ලබා දෙයි. මෙහි මූලිකවම පහත සදහන් දෑ අන්තර්ගත වේ.

      මූලික අංග:

      Assets - වත්කම් (ව්‍යාපාරය සතුව ඇති දේ)

      • ස්ථාවර වත්කම් - වසරකට වැඩි කාලයක් පවතින වත්කම්

      • ස්ථාවර නොවන වත්කම් - වසරකට අඩු කාලයක් පවතින වත්කම්

      Liabilities - ණය (ව්‍යාපාරයේ වගකීම්)

      • දීර්ඝ කාලීන වගකීම් - වසරකට වැඩි කාලයක් පවතින වගකීම්

      • කෙටි කාලීන වගකීම් - වසරකට අඩු කාලයක් පවතින වගකීම්

      Equity - මූල්‍ය ස්වාධීනත්වය

      • ආයෝජන සහ ලාභය පිළිබඳ තොරතුරු

      3. Cash Flow Statement (මුදල් ප්‍රවාහ ප්‍රකාශය)

      මෙම වාර්තාව තුළ මෙහෙයුම්, ආයෝජන සහ අනෙකුත් මූල්‍යමය කටයුතු වලින් සිදුවන මුදල් ව්‍යාපාරය තුළට ගලාඒම සහ මුදල් පිටතට ගලායාම පිළිබඳව තොරතුරු සඳහන් වේ. ව්‍යාපාරයේ දිනපතා ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා මෙම වාර්තාවේ අඩංගු තොරතුරු උපකාරී වේ.

      4. Statement of Changes in Equity (හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය)

      ව්‍යාපාර හිමිකරුවන්ගේ ආයෝජන, ලාභ බෙදාහැරීම් හා හිමිකම් වෙනස්වීම් සටහන් වේ. මෙය කොටස් හිමියන්ට වටිනා වාර්තාවක් වන අතර ආයෝජක විශ්වාසය ගොඩනඟයි.

      5. Statement of Comprehensive Income (විස්තරාත්මක ආදායම් ප්‍රකාශය)

      මෙය සාමාන්‍ය ආදායම් ප්‍රකාශනයට අමතරව, ව්‍යාපාරයේ සාමාන්‍ය මෙහෙයුම්වලින් එහාට ගිය ලාභ හා පාඩු ඇතුළත් කරන වාර්තාවකි.

      උදාහරණ:

      • මූල්‍ය ආයෝජන වටිනාකම් වෙනස්වීම්

      • විනිමය අනුපාත වෙනස්කම් වලින් ඇතිවූ ලාභ/පාඩු

      • සම්පත් නැවත තක්සේරු කිරීමෙන් ලැබෙන ලාභ/පාඩු

      6. Notes to the Financial Statements (මුල්‍ය සටහන් සහ විස්තර)

      වාර්තා වලට අමතර විස්තර, ගිණුම්කරණ ප්‍රතිපත්ති, නීතිමය පැහැදිලි කිරීම් ඇතුළත් වේ. විශ්වාසනීයතාවය සහ නියාමන අනුකූලතාවය තහවුරු කිරීමට භාවිත වේ.

      මෙම වාර්තා පිළිබඳව හොඳින් අවබෝධ කරගැනීම, වඩාත් තර්කානුකූල හා කාර්යක්ෂම තීරණ ගැනීමට ඔබට උපකාරී වේ.

      ඔබේ ව්‍යාපාරයේ සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදී පිළියෙල කල යුතු මූල්‍ය ප්‍රකාශන සරලව හා පහසුවෙන් කරගැනීමට අප අමතන්න!

      📞 769284857 / 742056297

      #BusinessFinance #FinancialStatements #EntrepreneurSriLanka #ProfitAndLoss #TalentsparkConsulting #SriLankaBusiness #SmallBusinessSupport #FinancialServices #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0