Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔබේ Business එක CYBER ATTACKS වලින් ආරක්ෂා කරගමු!

      December 18, 2025

      ඔබේ Business එක CYBER ATTACKS වලින් ආරක්ෂා කරගමු!

      500128812_1019339106932679_3109431246455898430_n.jpg

      වර්තමානයේ ඩිජිටල් යුගයට ප්‍රවේශවීමත් සමඟ සෑම ව්‍යාපාරයක්ම සයිබර් ප්‍රහාර (Cyber Attacks) වලට ගොදුරු වීමේ අවදානමක් පවතී. සෑම දිනකම විවිධාකාර වූ සයිබර් තර්ජන එල්ල වන අතර, Phishing, Ransomware, Malware වැනි ප්‍රහාර මගින් ව්‍යාපාර වලට මිලියන ගණනක මුදල් අලාභද සිදුවිය හැකිය.

      ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික දත්ත සොරකම් වීම, ව්‍යාපාර ගොනු (Business Files) Lock වී දත්ත ලබාගැනීමට නොහැකි වීම, වෙබ් අඩවි අක්‍රීය වීම වැනි තත්ත්වයන් ව්‍යාපාරයේ ප්‍රතිරූපයට බරපතල හානි සිදුකල හැකි අතර මෙම අවදානම් නිසා ව්‍යාපාරයේ පැවැත්මටද බාධා ඇතිවිය හැකිය.

      එම නිසා, සයිබර් ආරක්ෂිත පියවර ගැනීම, අනාගතය සඳහා ඔබේ ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමේ ආරක්ෂිත මාර්ගයක් සහ සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත් වේ.

      අනුගමනය කළ හැකි සරල ආරක්ෂණ පියවර:

      1. ශක්තිමත් මුරපද (Passwords) භාවිතා කිරීම

      • ඉතාමත් සරල මුරපද වෙනුවට අකුරු, අංක සහ විශේෂ ලක්ෂණ (Symbols) යන සියල්ලෙන්ම සමන්විත ශක්තිමත් මුරපද භාවිතා කිරීම.

      • Two-Factor Authentication (2FA) සක්‍රිය කිරීමෙන් මුරපදයට අමතරව තවත් එක් ආරක්ෂිත පියවරක් ලබාගත හැක.

      2. වංචාකාරී (Phishing) ඊමේල් වලට හසු නොවීම

      • අනන්‍යතාවක් නොමැති, සැක සහිත ලින්ක් (Links) සහ ඇමුණුම් (Attachments) ඇතුළත් ඊමේල් විවෘත නොකිරීම, පිළිතුරු නොදීම හා එම ලින්ක් හෝ ඇමුණුම් ක්ලික් (Click) නොකිරීම.

      • ඔබගේ ආයතනයේ සේවකයින්ට එවැනි වංචාකාරී උත්සාහයන් හඳුනාගැනීමට පුහුණුව ලබාදීම.

      3. Software නිතර යාවත්කාලීන (Update) කිරීම

      • ගිණුම්කරණය, වෙබ් අඩවි, ERP මෘදුකාංග වැනි ව්‍යා‍පාරය තුළ භාවිතා කරනු ලබන Software නවතම Security Updates සමඟ යාවත්කාලීන කර පවත්වා ගැනීම.

      4. නීතිවිරෝධී (Cracked) මෘදුකාංග භාවිතයෙන් වැළකීම

      • නීතිවිරෝධීව හෝ ක්‍රැක් කරන ලද (Cracked) මෘදුකාංග භාවිතයෙන් වැළකීම. එවැනි මෘදුකාංග වල බොහෝ විට Malware, Ransomware වැනි අනතුරු සහිත කේත ඇතුළත් විය හැකිය.

      • හැකි සෑම විටම නිල බලපත්‍ර සහිත මෘදුකාංග (Genuine Licensed Software) භාවිතා කිරීම.

      5. දත්ත සුරක්ෂිතව තබාගැනීම

      • Backup එකක් තබාගැනීම සහ නිතර එය යාවත්කාලීන (Update) කිරීම.

      • දත්ත සොරකම් කිරීමකට (Data Breach) මුහුණ දීමට කල්තියා සුරක්ෂිතතා සැලැස්මක් (Contingency Plan) සකස් කර ගැනීම .

      උදා: Backups, හදිසි ප්‍රතිචාර ක්‍රියාදාමයක්, නීතිමය ක්‍රියාමාර්ග සැලැස්මක්

      6. සේවකයින් දත්ත වෙත ප්‍රවේශවීම් (Access) පාලනය කිරීම

      • සංවේදී දත්ත සෑම අයෙකුටම ලබා නොදීම.

      • ඒ සඳහා තනතුර මත පදනම් වූ ප්‍රවේශ (Role-Based Access) ක්‍රමයක් භාවිතා කිරීම.

      මෙම ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබේ ව්‍යාපාරයත් Cyber Threats වලට ගොදුරුවීමේ අවදානමෙන් ආරක්ෂා කරගමු! Business Success Tips by TALENTSPARK CONSULTING

      Stay informed. Stay secure. Stay tuned!

      #CyberSecurity #DataProtection #SinhalaTec #DigitalSafety #TechTipsLK #TalentsparkConsulting #EntrepreneurTips #SriLankaBusiness #BusinessConsultant #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0