Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      AI සම්බන්ධ වැරදි මත

      January 27, 2026

      AI සම්බන්ධ වැරදි මත

      post 01487104321_976827954517128_2486582901358350703_n.jpg අද සමාජයේ AI සම්බන්ධ විවිධ මිත්‍යාවන් පවතී. බොහෝ අය AI යනු සමාජීය පරිවර්තනයක් කිරීමට සූදානම් වූ විප්ලවීය තාක්‍ෂණයක් ලෙස සලකන අතර තවත් සමහරු රැකියා, පෞද්ගලිකත්වය සහ සංස්කෘතියට තර්ජනයක් බව සිතමින් එයට කළ හැකි, නොහැකි දේ පිළිබඳ වැරදි වැටහීම් නිසා මෙය තරයේ ප්‍රතික්ෂේප කරනු ලබයි.

      එහෙත් සත්‍ය එය නොවේ.

      සමාජයේ පවතින AI මිත්‍යාවන් කීපයක් නම්,

      AI නිසා විරැකියාව වැඩි වෙනවද?

      ඇත්ත වශයෙන්ම AI මගින් Data Analysis, දත්ත සැකසීම වැනි කාර්යයන් කාර්යක්ෂමව සිදු කල හැකි නමුත් නිර්මාණශීලීත්වය හා තීරණ ගැනීමේ හැකියාවන් මිනිසාට සුවිශේෂි වූ ශක්තීන් වේ. මේ හේතුව නිසා රැකියා අහිමිවෙනවා යැයි සිතනවා වෙනුවට අනාගතයේදී මෙම තාක්‍ෂණයට අනුකූල වීමට සූදානම් වීම වැදගත් අවශ්‍යතාවයකි.

      AI මිනිසුන් තරම්ම බුද්ධිමත්ද?

      Sci-Fi චිත්‍රපටි වලට අනුව, බොහෝ දෙනා AI ගැන සිතන්නේ මිනිසාට සමාන බුද්ධියක් තිබෙන මිනිසුන් මෙන් ලෝකය තේරුම් ගෙන අන්තර් ක්‍රියා කල හැකි රොබෝවරුන් ලෙසය. නමුත් යථාර්ථය නම්, AI හට මිනිසාට සිදු කල හැකි සෑම බුද්ධිමය කාර්යයක්ම ඉටු කිරීමේ හැකියාව තවමත් නොතිබීමයි. AI රඳාපවතින්නේ එයට ඇතුලත් කරනු ලබන දත්ත පද්ධති සමූහයකින් වේ.

      AI හට අපගේ සියලුම ගැටලු විසඳිය හැකිද?

      AI වල සාර්ථකත්වය රදා පවතින්නේ, AI පුහුණු කර ඇති දත්තවල ගුණාත්මකභාවය සහ Algorithm අනුව ගොඩනගා ඇති උපකල්පන මත වේ. දත්තවල පක්ෂග්‍රාහීත්වය, නිරවද්‍යතාවය, සීමාවන් සහ අනපේක්ෂිත ප්‍රතිවිපාක සැබෑ ලෝකයේ ගැටලු සඳහා AI යෙදීමේදී පැන නගින පොදු ගැටළු වේ.

      නිදසුනක් වශයෙන්, අපරාධ සම්බන්ධ කටයුතු හෝ බඳවා ගැනීමේ ක්‍රියාවලීන්හි භාවිතා කරන AI, අසාධාරණ ප්‍රතිඵල ලබාදෙන ස්වාභාවයක් ගන්නා බව සොයාගෙන ඇත. එවැනි හේතුන් නිසා AI වගකීමෙන් සහ ඵලදායී ලෙස භාවිතා කරන බව සහතික කිරීම සඳහා අධීක්‍ෂණය සහ AI Developing වගකීමෙන් සිදු කිරීම ඉතා වැදගත් වේ.

      AI මිනිසුන් අභිබවා යාවිද?

      AI ගැන ඇති තවත් මිත්‍යාවක් නම්, බොහෝ චිත්‍රපටිවල දක්නට ලැබෙන පරිදි එය අවසානයේදී පාලනය කළ නොහැකි තර්ජනයක් වන බවට ඇති බියයි. කෙසේ වෙතත්, වර්තමාන AI පද්ධති කිසිදු ලෙසක ස්වාධීන නොවේ. ඒවා මිනිසුන් විසින් පාලනය කරනු ලබන අතර, නිශ්චිත උපදෙස් අනුගමනය කිරීමට නිර්මාණය කර ඇත. ඒවා අවශ්‍ය පරිදි ක්‍රියා විරහිත කිරීමට හෝ සකස් කිරීමට හැකිය.

      එබැවින් මිත්‍යා විශ්වාස මත නොසිට, අනාගත තාක්ෂණික ලෝකයට හැඩගැසීමට අවශ්‍ය දැනුම හා කුසලතා එකතු කරගමු.

      #AIReality #ArtificialIntelligence #AIvsMyths #TechFuture #AIandJobs #AIExplained #AIInnovation #DigitalTransformation #AIRevolution #TechAwareness #AIandHumanity #TechFacts #MythBusting #TechTips #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0