Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      ඔබට වැදගත් වන බදු වර්ග 5ක්

      January 29, 2026

      ඔබට වැදගත් වන බදු වර්ග 5ක්

      POST 03 515490876_1047210770812179_3594248923804277764_n.jpg

      නීත්‍යානුකූලව හා සාර්ථකව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමටත්, පුද්ගලික කටයුතු කළමනාකරණය කිරීමටත් ඔබ විසින් ගෙවිය යුතු බදු පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙම මූලික බදු වර්ග පිළිබඳ දැනුවත්වීම, අනවශ්‍ය දඩ ගෙවීම් හා නීතිමය ක්‍රියාමාර්ග වළක්වා ගැනීමට උපකාරී වේ.

      1. ආදායම් බදු - Income Tax

      පුද්ගලික ආදායම්, ව්‍යාපාර ආදායම් හා ආයෝජන ආදායම් මත මෙම බදු අයකරනු ලබයි. Corporate Income Tax යනු ව්‍යාපාර ආදායම් සඳහා පවතින බදු වන අතර එම බදු ප්‍රතිශතය 30% ක් වේ. (Excluding Special Categories)

      දැනට පවතින අනුපාතයන්ට අනුව පුද්ගලික ආදායම් බදු (Personal Income Tax -Local) ප්‍රතිශතයන් පහත පරිදි දැක්විය හැකිය.

      • රු. 1,800,000 තෙක් - බදු රහිතයි

      • පළමු රු. 1,000,000 - 6%

      • දෙවැනි රු. 500,000 - 18%

      • තුන්වැනි රු. 500,000 - 24%

      • සිව්වැනි රු. 500,000 - 30%

      • ඉතිරි මුදලට - 36% වශයෙන් බදු ගෙවිය යුතුය.

      අපගේ Tax Calculator එක භාවිතා කර ඔබගේ වාර්ෂික ආදායමට අදාළව ගෙවිය යුතු බදු මුදල නිවැරදිව ගණනය කරගන්න. Tax Calculator

      ඔබ Freelancer කෙනෙකු නම් Local සහ Dollar ආදායමට අදාළව ගෙවිය යුතු බදු මුදල නිවැරදිව දැනගැනීමට පිවිසෙන්න. Freelancer Tax

      2. එකතු කළ අගය මත බද්ද - VAT

      VAT (එකතු කල අගය මත බදු) යනු භාණ්ඩ හා සේවා සඳහා අය කරනු ලබන බද්දකි. නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, ආනයනකරුවන්, තොග හා සිල්ලර වැනි සියලුම ව්‍යාපාර මේ VAT එකට අදාල වේ. වර්තමාන VAT බදු ප්‍රතිශතය 18% කි.

      2025 VAT සංශෝධන වලට අනුව:

      • දැනට ලංකාව තුල නිෂ්පාදනය කරනු ලබන දේශීය ඖෂධ හා ආයුර්වේද නිෂ්පාදන සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් ද්‍රව්‍ය වලට VAT අයකල නමුත්, එම ද්‍රව්‍ය VAT වලින් නිදහස් කර ඇත.

      • SVAT- Simplified Value Added Tax ක්‍රමය වෙනුවට 2025-10-01 සිට නව Risk-Based Refund ක්‍රමවේදයක් හදුන්වා දී ඇත.

      • VAT Refund, RAMIS පද්ධතිය හරහා ඉල්ලුම් කිරීමට IRD එක මැදිහත්ව නව ක්‍රමයක් ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.

      • VAT සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාර සඳහා POS යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කර ඇත.

      • Entertainment Tax යටතේ Events, Concerts හා Tickets වලින් අයකරපු VAT බද්ද ඉවත් කිරීමට සැලසුම් කර ඇත.

      • 2004 සුනාමි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවලට අදාළව පවත්වාගෙන යනු ලබන ඉදිකිරීම් වල සියලු හිඟ VAT බදු මුදල් කපා හැරීමට සැලසුම් කර ඇත.

      • විදෙස් සේවා සපයන්නන්, Digital Platforms හරහා සපයනු ලබන සේවාවන් සඳහා VAT අය කිරීමට සැලසුම් කර ඇත.

      • 2025-07-01 සිට මාර්ගගත ක්‍රමයට (Online) VAT Return ඉදිරිපත් කිරීම අනිවාර්යය කර ඇත.

      ලියාපදිංචි වීමේ සීමාව - වාර්ෂික සමස්ත ආදායම රු. මිලියන 60 ඉක්මවන්නේ නම් VAT සඳහා ලියාපදිංචි විය යුතුය.

      3. රඳවා තබා ගැනීමේ බද්ද - WHT

      පොලී, ලාභාංශ, කුලී හෝ සේවා ගාස්තු වැනි ගෙවීම් සිදු කරන විට අඩුකරගන්නා බද්දකි. 2025 අප්‍රේල් මස 1 වෙනිදා සිට බැංකු තැන්පතු මත 10% ක බදු මුදලක් අයකරනු ලැබේ. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු 28 දින නිකුත් කරන ලද චක්‍රලේඛනයට අනුව එම 10%ක බදු ප්‍රතිශතය අඩුකරගත හැකි ක්‍රමවේදයක් ලබාදී ඇත.

      වැඩි විස්තර සඳහා පිවිසෙන්න - බැංකු තැන්පතු මත අය කරන 10%ක බද්ද අඩුකරගන්න Tip එකක් Withholding Tax

      4. සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද - SSCL

      මෙය භාණ්ඩ ආනයනය හෝ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් කරනු ලබන, සේවා සැපයීමේ ව්‍යාපාරයක් කරනු ලබන හෝ තොග හෝ සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් කරනු ලබන සෑම පුද්ගලයකුගෙන්ම අයකරනු ලබන බද්දකි.

      ලියාපදිංචි වීමේ සීමාව - වාර්ෂික සමස්ත ආදායම රු. මිලියන 60 ඉක්මවන්නේ නම් SSCL සඳහා ලියාපදිංචි විය යුතුය.

      5. අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද - APIT (PAYE Tax)

      ව්‍යාපාර අයිතිකරුවන් විසින් සේවකයින්ගේ වැටුප් වලින් අඩුකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවනු ලබන බද්දකි.

      APIT/PAYE බදු ප්‍රතිශතයන් දැන ගැනීම සඳහා මෙම link එකට පිවිසෙන්න - වෙනස් වුන PAYE Tax එක APIT/PAYE

      මෙම සියලුම බදු වර්ග නියමිත කාල සීමාවන් තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුය. නිවැරදි බදු ගෙවීම් කටයුතු සිදුකිරීම ඔබේ ව්‍යාපාරයේත්, ඔබගේත් විශ්වසනීයත්වය වර්ධනය කරන අතර, දීර්ඝකාලීන සාර්ථකත්වය සහතික කරයි.

      මෙම බදු පිළිබඳව වැඩිදුර වැඩිදුර විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

      Call 📞 076 928 4857 / 074 205 6297

      #SriLankaBusiness #TaxTips #IncomeTax #VAT #WHT #SSCL #APIT #TaxCompliance #BusinessTips #EntrepreneurSL #TaxConsultant #TalentsparkConsulting #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0