Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      බැංකු තැන්පත් මත අය කෙරෙන 10%ක බද්ද අඩුකරගන්න Tip එකක්

      December 17, 2025

      බැංකු තැන්පත් මත අය කෙරෙන 10%ක බද්ද අඩුකරගන්න Tip එකක්

      499067869_1013609810838942_7619169827071976431_n.jpg

      2025 අප්‍රේල් මස 1 වෙනිදා සිට බැංකු තැන්පතු මත 10% ක බදු මුදලක් 2025 අයවැය යෝජනා අනුව අයකරනු ලැබේ. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2025 මාර්තු 28 දින නිකුත් කරන ලද චක්‍රලේඛනයට අනුව එම 10% ක බදු ප්‍රතිශතය අඩුකරගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

      ඒ අනුව ඔබගේ වාර්ෂික තක්සේරු කළ ආදායම (Annual Assessable income) රු: 1,800,000ට වඩා අඩුනම් ඔබට මෙම බැංකු තැන්පතු මත අයකරනු ලබන 10% ක බදු ප්‍රතිශතය ඉවත් කරගැනීමට ඉල්ලුම් කළ හැකිය.

      ඒ සඳහා කළ යුතු දේ:

      • ඔබ ස්වයං ප්‍රකාශයක් (a self-declaration) අදාළ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ලබා යුතුය.

      එම ස්වයං ප්‍රකාශ පෝරමය මේ Link එකෙන් https://www.ird.gov.lk/.../Circulars.../SEC_2025_E_03_e.pdf

      ස්වයං ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔබ:

      • ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයකු විය යුතුය.

      • බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් පොලී ආදායමක් ලබන පුද්ගලයකු විය යුතුය.

      • එම පුද්ගලයාගේ වාර්ෂික තක්සේරු කළ ආදායම (Annual Assessable Income) රු.1,800,000ට වඩා අඩුවිය යුතුය.

      සැලකිලිමත් විය යුතු අනිකුත් කරුණු:

      • මෙම ස්වයං ප්‍රකාශය (A Self-Declaration) ලබාදීම සඳහා ඔබට TIN එකක් තිබීම අත්‍යවශ්‍ය වේ.

      • ඔබට බැංකු හෝ මූල්‍ය ආයතන කිහිපයක ගිණුම් පවතී නම් එම සියලු ආයතන සඳහා වෙන වෙනම ස්වයං ප්‍රකාශ ලබාදිය යුතුය.

      • ළමා ගිණුම් සඳහා ඔවුන්ගේ භාරකරුවන් හට මෙම ස්වයං ප්‍රකාශ ලබාදිය හැකිය.

      • Joint accounts සඳහා එම ගිණුම් හිමිකරුවන් සියලුදෙනාම වෙන්වෙන්ව ස්වයං ප්‍රකාශ ලබාදිය යුතුය.

      • මෙම ස්වයං ප්‍රකාශ වලංගු වන්නේ එක් තක්සේරු වර්ෂයක් සදහා පමණි.

      • ඔබ විසින් ස්වයං ප්‍රකාශයේ ලබාදෙන සියලු තොරතුරු නිවැරදි විය යුතු අතර, ලබාදුන් තොරතුරුවල නිවැරදි බව පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් ප්‍රශ්න කළ විට එම තොරතුරුවල සත්‍යතාවය සහතික කළ හැකි විය යුතුය.

      නිවැරදි තොරතුරු පමණක් ලබාදෙමින් මෙම බද්ද අඩුකර ගැනීමට කටයුතු කරමු.

      📞0769284857 📞0742056297

      #TaxReduction #BankInterestTax #SriLankaTaxes #Budget2025 #IncomeTaxRelief #IRD #TaxConsultant #SelfDeclaration #TIN #InterestIncome #TaxAdvice #TalentsparkConsulting #TaxTips #TailorMadeSolutions

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      April 24, 2026

      Business Name සහ Brand Name

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0