
සමාගමක් ලියාපදිංචි කරන විට සැකසිය යුතු ප්‍රධාන ලියකියවිලි 4 වනුයේ:
-
Form 1 - සමාගමක මූලික තොරතුරු. ඒ කියන්නේ සමාගමේ නම, ලිපිනය, මුල් අධ්‍යක්ෂවරුන්ගේ, කොටස් හිමියන්ගේ සහ සමාගම් ලේකම්වරුන්ගේ තොරතුරු, කොටස්හිමියන්ගේ හිමිකාරිත්වය බෙදී ගොස් ඇති ආකාරය වගේ තව මූලික තොරතුරු ඇතුළත් කරන පෝරමය
-
Form 18 - අධ්‍යක්ෂවරුන්ගේ මූලික තොරතුරු. එනම් ඔබේ සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය වැනි තොරතුරු ඇතුළත් කරන පෝරමය
-
Form 19 - ඔබ විසින් පත් කරන ලද සමාගම් ලේකම්වරුන්ගේ තොරතුරු ඇතුලත් කරන පෝරමය
-
Article of association (සාංගමික ව්‍යවස්ථාවලිය)- සමාගමේ අභ්‍යන්තර නීති පොත ලෙස ක්‍රියා කරන තීරණාත්මක නීතිමය ලේඛනයකි. එය පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරයි:
-
සමාගමේ අරමුණු හා ස්වභාවය
-
සමාගමේ ව්‍යුහය
-
කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් සහ බැඳීම්
-
කළමනාකරණය සහ පරිපාලනය (ඔබේ සමාගම පවත්වාගෙන යන ආකාරය සහ භාරව සිටින්නේ කවුරුන්ද යන්න)
-
අනෙකුත් සමාගම් නීතිරීති
ඔබට එය අවශ්‍ය වන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ, 2007 අංක 07 දරන සමාගම් පනතට අනුව ලියාපදිංචි කිරීමේදී සෑම සමාගමක්ම සාංගමික ව්‍යවස්ථාවලියක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ. ඔබ මෙය ඉදිරිපත් කරන විට, ඔබේ සමාගමේ ව්‍යුහය, කාර්යයන් සහ මෙහෙයුම් ක්‍රම පිළිබඳ පැහැදිලි අවබෝධයක් රෙජිස්ට්‍රාර්වරයාට ලබාගත හැක.
ඉතින් ඔබේ ව්‍යාපාරයත් ලියාපදිංචි කිරීමට පෙර මේ ගැන දැනගෙන සිටිමු.
ඔයාටත් ඔයාගේ Business එක ලියාපදිංචි කිරීමට අවශ්‍ය නම්, TalentSpark Consulting අප හා සම්බන්ධ වන්න.
📞 0769284857 📞 0742056297
#CompanyRegistration #SriLankaBusiness #ROC #CompanyLaw #Entrepreneurship #BusinessSetup #ArticlesOfAssociation #StartYourBusiness #SriLankaCompaniesAct #BusinessRegistration #BR #TalentSparkConsulting #TailorMadeSolutions