Phone Number
Talentspark Consulting
  • Home
  • About Us
  • Services
    • Contact
    • Online Services
      • Write a Review
      • Name Check
      • Tax Calculator
    • Blog
    Find a Financial Advisor
    Hotline074 2078576
    Book a Consultation
    Talentspark Consulting
    • Home
    • About
    • Service
      • Write a Review
      • Name Check
      • Tax Calculator
      • Blog
      • Contact

      Get in touch

      Business: +94 76 3859101IT: +94 74 2078576
      Book a Consultation
      info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com

      අධ්‍යක්ෂවරයකු තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

      November 12, 2025

      අධ්‍යක්ෂවරයකු තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

      අධ්_යක්ෂවරයකු තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු (1).png අධ්‍යක්ෂවරුන් ලෙස තෝරා ගන්නේ කවුරුන්ද යන්න සමාගමක් ආරම්භ කරන මුල් අවධියේදී ඔබ විසින් ගනු ලබන ඉතා වැදගත් තීරණයන්ගෙන් එකකි. එයට හේතුව නම් අධ්‍යක්ෂවරයකු යනු සමාගමක සියලුම කටයුතු කළමනාකරණය කරනු ලබන පුද්ගලයකු වීමයි.

      අධ්‍යක්ෂවරයකු පත් කිරීමට පෙර ඔබ දැනගත යුතු දේ පිළිබඳව මෙහි දී විස්තර කෙරේ.

      නීතිමය අවශ්‍යතා:

      • පුද්ගලයෙකු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමට ලිඛිත අවසරය Form 18 මඟින් ලබා දිය යුතුය.

      • ඔවුන් අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා සුදුසු බවට සහතික විය යුතුය.

      අධ්‍යක්ෂ ධූරය දැරීමට නුසුදුසු පුද්ගලයින්:

      • වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්

      • බංකොලොත්භාවයෙන් නිදහස් නොවූ පුද්ගලයින්

      • සමාගම් පනතේ (213 හෝ 214 වගන්ති) හෝ පෙර පැවති නීති යටතේ අධ්‍යක්ෂවරයෙකු වීම හෝ සමාගම්

      • කළමනාකරණයට සම්බන්ධ වීම තහනම් කර ඇති පුද්ගලයින්

      • ස්වභාවික නොවන පුද්ගලයින් (උදා: වෙනත් සමාගමක්)

      • ඔබේ සමාගමේ Articles of Association තුළ දක්වා ඇති සුදුසුකම් සපුරාලීමට නොහැකි පුද්ගලයින් මෙයට ඇතුළත් වේ.

      අධ්‍යක්ෂවරයකු පත් කිරීමේදී මෙම නීතිමය අවශ්‍යතා සලකා බැලීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම පහත සඳහන් කරුණු පිළිබඳව සලකා බැලීමෙන් ඔබට වඩාත් සුදුසු පුද්ගලයකු අධ්‍යක්ෂවරයකු ලෙස පත්කර ගැනීමට උදව් වනු ඇත.

      1. ඔබට නොමැති ශක්තීන් හෝ කුසලතා (මූල්‍ය, නීති, මෙහෙයුම් හෝ අලෙවිකරණය වැනි) ඔබේ සමාගමට ගෙන ඒමට හැකියාවක් සහිත පුද්ගලයකු වීම.

      2. ඔබේ business field/market එක පිළිබඳව හොඳ අවබෝධයක් සහ ඔබට තරඟකාරී වාසියක් ලබා දිය හැකි පුද්ගලයකු තෝරා ගැනීම.

      3. ඔබේ අදහස්වලට සෑම විටම එකඟ වන පුද්ගලයකුම නොව, නිර්මාණාත්මකව ඒවාට අභියෝග කළ හැකි පුද්ගලයකු වීම.

      4. අනාගත ගැටුම් වළක්වා ගැනීමට සමාගමේ vision, mission, goals සහ values සමඟ එකඟව කටයුතු කළ හැකි පුද්ගලයකු තෝරා ගැනීම.

      5. අධ්‍යක්ෂවරයකු සමාගමේ සියලුම කටයුතු කළමනාකරණය කරයි. එබැවින් ඔබට සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැකි පුද්ගලයකු තෝරා ගැනීම.

      නිවැරදි අධ්‍යක්ෂවරයකු පත් කර ගැනීම ඔබේ සමාගමට වත්කමක් මෙන්ම එය දීර්ඝ කාලීන ස්ථාවර අනාගතයකට අඩිතාලමද වනු ඇත. එබැවින් සාර්ථකත්වය සඳහා මඟ පෙන්වන අධ්‍යක්ෂවරයකු තෝරා ගැනීමට කටයුතු කරන්න!

      ඔබට සමාගම් ලියාපදිංචිය කිරීම හෝ ඒ සම්බන්ධ consultation එකක් ලබා ගැනීම සඳහා Talentspark Consulting සමඟ සම්බන්ධ වන්න.

      වැඩි විස්තර සඳහා අමතන්න. 📞769284857 / 742056297

      #StartupTips #DirectorAppointment #BusinessAdvice #SriLankaBusiness #CompanyRegistrationLK #TalentsparkConsulting #BusinessSuccess

      Share this post:

      Recent Blog Posts

      Explore more of our latest articles

      April 30, 2026

      Running a Business Without an HR Department - Is It Possible?

      Read MoreRead more
      April 29, 2026

      The Skills No One Teaches… But Every Entrepreneur Needs

      Read MoreRead more
      April 27, 2026

      The Importance of Business Registration for Better Record Keeping

      Read MoreRead more
      View All PostsView all

      Call Us today and let us help you to grow your business.

      Get a Free Consultaion
      Talentspark Consulting

      Tailor-made solutions for your business.

      © 2025 Talentspark Consulting PVT LTD.

      Services

        Our Company

        • About us
        • AI Answers
        • Privacy Policy
        • Terms and Conditions
        • Refund Policy

        Get in touch

        Business: +94 76 385 9101IT: +94 74 207 8576
        info@talentsparkconsulting.comcontact@talentsparkconsulting.com
        0